වත්මන් ආණ්ඩුවේ නව නිවාස වැඩපිළිවෙල යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන නිවාස ආධාර වැඩසටහන මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ නව නිවසක් ඉදිකිරීමට සුභ මොහොතින් මුල්ගල තැබීම පසුගියදා සිදුවිය.
වත්මන් ආණ්ඩුවේ නව නිවාස වැඩපිළිවෙල යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන නිවාස ආධාර වැඩසටහන මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ නව නිවසක් ඉදිකිරීමට සුභ මොහොතින් මුල්ගල තැබීම පසුගියදා සිදුවිය.
එහිදී මුල්ගල් තැබුවේ ගාල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇත්තිලිගොඩ දකුණ ග්‍රාම නිළධාරි වසමේ කේ.ජී. තරුෂි ඉමල්ෂා මහත්මියගේ නිවසටයි.
දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් මෙම නිවාස වැඩසටහන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කර ඇත. ඒ හරහා එක් ප්‍රතිලාභියකු සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් තම නිවස ඉදිකර ගැනීම සඳහා ලබා දේ.
මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
No Comments